සඳහිරු සෑය ඉදිකිරීම සදහා අවශ්‍ය භූමිය තමන්ට කියා අනුමත කර ගත්තේ බලහත්කාරයෙන් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසනායක මහතා අනාවරණය කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් මෙම ස්ථානයේ ස්ථූපයක් නිර්මාණය නොකරන ලෙස ඉල්ලා සිටි බවකි.
එමෙන්ම අවශ්‍ය නම් තමන් මීට වඩා කුඩා ස්ථූපයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටි බවද ඒ මහතා කීය.
කෙසේවෙතත් තමන් උපදේශකයන් දුන් උපදෙස් හේතුකොටගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් දුන් උපදෙස් නොඇසූ බව කී ඒ මහතා එවකදී උපදේශකයන් මහින්ද රාජපක්ෂ මහතා රජතුමාට අන්දවා තිබූ බවත් කියා සිටියේය.
ඒ සදහා වියදම් කළ මුදල අපරාධයක් බව කී ඒ මහතා එම මුදල් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වියදම් කළේ නම් හොද බවද කීය.
එමෙන්ම තමන්ට රාජ්‍ය සේවය එපා වුණු බව කී සෙනරත් මහතා විදුර වික්‍රමනායක මහතාගේ බලපෑම් ඒ සදහා හේතු වුණු බවද සෙනරත් මහතා කියා සිටියේය.
චමුදිත සමරවික්‍ර්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.










