එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන සමන්තා පවර් මහත්මිය ලබන 10 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී පවර් මහත්මිය ආණ්ඩුවේ නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ද මුණගැසී සාකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසේ.
සාමාන්‍යයෙන් පවර් මහත්මිය සැලකෙන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන නිලධාරිනියක් ලෙසටය.
ඒ අනුව ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වී තිබියදී සිදුවන පවර් මහත්මියගේ ලංකා ගමන් ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.










