මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වී තිබේ.
මොරටුව ප්‍රදේශයේ ඊයේ (27) ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනක දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සහ නිරෝධායන නීති කඩකිරීමක් සම්බන්ධයෙන් නගරාධිපතිවරයා එලෙස පොලීසියට භාර වී ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් පසු මොරටුව නගරාධිපති සමල්ලාල් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා විය.










