මහමැතිවරණය ප්රජාතන්ත්රවාදී හා සාමකාමී ගුණාංග සපුරාලන, ජනතා අයිතියට මුල් තැනදෙන නිදහස් නිවහල් මැතිවරණයක් බවට පත් කරන ලෙසත් නිදහසේ ජනතාවට තමන්ගේ අදහස හා කැමැත්ත පල කිරිමට හැකියාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ගරාවැටුණු කඩාවැටුණු දේශය බංකොලොත් රට මේ වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සැවොම අත්වැල් බැදගෙන ලක්ෂ 220ටම රට ගොඩ ගැනීමේ ගමනට දායකත්වය ලබා දෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
2024 මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.
එහි දී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.










