ආණ්ඩුවට, තරුණයින් ව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව, කලාකරුවන්ව පේන්නට බැරි බවත් ඔවුන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කල්පනා කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ රාජ්‍ය ම්ලේච්ඡත්වයට සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව සමගි ජන බලවේගය ජනතාව සමග අරගල කරන බව පැවසීය.
දමිතා අබේරත්න කලා ශිල්පිනියට පොලීසියට එන්නටයැයි කැඳවා තිබුණේ නව වෙනිදා වුවත් දියත උයන පරීක්ෂණ පැවති විරෝධතාවයකට එක් වූ අවස්ථාවේ ඇය ක්ෂණිකව අත්අඩංගුවට ගෙන ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
පිටතට පෙනෙන්නට විපක්ෂයේ සහාය ඉල්ලා සිටින ආණ්ඩුව, ඊට හාත්පසින්ම වෙනස් ලෙස පුරවැසියන්ව දඩයම් කරමින් සිටින බව ද පැවසීය.
මේ තත්ත්වය පිළිකුලෙන් හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව කළ යුත්තේ ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම මිස ජනතාව දඩයම් කිරීම නොවන බව ද පැවසීය.










