විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ විපක්ෂයේ පක්ෂ නායකයන් සමග කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
කතානායකවරයාගේ නිල කාමරය වෙත පක්ෂ නායකයන් සමග ගොස් ඇති විපක්ෂනායකවරයා ආණ්ඩුව අද ගෙනඒමට සූදානමින් සිටින ඔන්ලයින් පනත සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති බව දැනගන්නට ඇත.
එහිදී විපක්ෂනායකවරයා සහ විපක්ෂ නායකයන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ සමාජය තුළ සහ ජාත්‍යන්තරය තුළ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පැවතීම හේතුකොටගෙන මෙම පනත මේ මොහොතේ ගෙන ඒමෙන් වළකින ලෙස ආණ්ඩුවට දැනුම් දෙන ලෙසය.














