සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹට කැඳවීමට තීරණය කොට ඇත.
අද සවස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ජාවකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රේමදාස මහතා කටයුතු කොට තිබේ.
එමෙන්ම මෙම සාකච්ජාවේදී තවත් තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර හෙට දිනයේදී ඉන් කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කොට ඇති බවද වාර්තා වේ.










