විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට අද දින බාර දී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අද දින පෞද්ගලිකවම ගොස් සියලු ලිපිලේඛන හාර දී ඇති විපක්ෂනායකවරයා ඒවා බාරගත් බවට ලිඛිතව අත්සන් ගැනීමටද පියවර ගෙන තිබේ.
හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය තනතුර පිළිබද බරපතළ සංවාදයක් මතුවෙීමෙන් අනතුරුව ඒ මහතා තනතුරෙන් ඉවත් වූ අතර මේ වනවිට ආණ්ඩුව විපක්ෂෂයේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත.
ඒ අනුව පෙරේදා දින ඇමැති නලින්ද ජයතිස්ස මහතා විපක්ෂනායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබද ප්‍රශ්න කර සිටියේය.
ආණ්ඩුවේ ඇමැති නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ අභියෝගය පිළිගනිමින් ඊයේ දින විපක්ෂනායකවරයා සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.










