සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන විශේෂ ධර්ම දේශනය මෙවර නිකිණි පොහොය නිමිති කර ගෙන අද (8) කරගම්පිටිය සුබෝධාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. Sri Lanka Latest News
මෙවර ධර්ම දේශනය මාතලේ උකුවෙල කළල්පිටිය පුරාණ විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමවිනිසුරු කරඳගොල්ලේ විජිතතිස්ස ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබීය.
























