රටේ සිදුවන ආර්ථික ප්‍රතිව්‍යුගතකරණ වැඩපිලිවෙලේ අසහනකාරී පීඩනකාරී තත්ත්වයකට වර්තමාන සමාජය මුහුණ දී ඇති බවත් විදුලි බිල වැඩ කිරීම විපක්ෂයක් ලෙස ප්‍රතික්ෂේප කරන බවත් වසර ගනණාවක් පුරා සිදු වූ දූෂණ වංචාවල ප්‍රතිඵල මේ වන විට ජනතාවට සහ ආගමික නායකයන්ට පවා විදීමට සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එබැවින් හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්දයෙන් දැවැන්ත හඩක් නගන බවත් පාලකයන් විසින් රටේ දූෂණ වංචා සිදු කරන විට එම දූෂණ වංචා විවේචනය කිරීමේ අයිතිය මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් සතු අයිතියක් බවත් එවැනි අවස්ථාවක රජයේ ඉහල තනතුරු දරන පුද්ගලයන් ආගමික නායකයන්ව අපහසුතාවට පත්වන ආකාරයට අපහාස කරන්නේ නම් එය තරයේ හෙලා දැක ප්‍රතික්ෂේප කරන බවත් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අන්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මහා සංඝරත්නය ඇතුලු ආගමික නායකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවූහ.
මේ රජය විසින් සමාජ අරක්ෂණ ජාලයවත් හරිහැටි ක්‍රියාත්මක නොකරන බවත් ආගමික සිද්ධස්ථන හරහා සිදුවන සමාජ සේවය අගය නොකර විවේචනය කළත් ප්‍රතිපත්තියක් ලෙස විපක්ෂය සහ සමගි ජන බලවේගය කිසිදිනක ආගමික නායකයන්ට සහ ආගම්වලට අපහාස වන කිසිදු දෙයක් සිදු නොකරන බවත් පැවසීය.










