අභියෝග ඉදිරියෙ නොසැලෙමින් බුදු දහම වෙනුවෙන් දහම් පණිවිඩය ගම් නියම්ගම් සිසාරා ගෙනයමින් සිදු කරන මේ කාර්යය සත්‍ය වශයෙන්ම අගය කරන බවත් සෑම විටම අනුන්ට ආදර්ශයක් ලෙස අමරපුර මහා නිකායේ සද්ධදම්මවංශ පාර්ශ්වයේ අනුනායක බොරැල්ලේ අතුල නායක හිමියන් ජීවත් වූ බවත් සෑම විටම සුදුසු ගුණයේ පිහිටා කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (13) අතුලදස්සනා බෞද්ධ මධ්‍යස්ථානයේ 35 වැනි වරටත් ක්‍රියාත්මක වාර්ෂික පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අමරපුර මහා නිකායේ සද්ධදම්මවංශ පාර්ශ්වයේ අනුනායක බොරැල්ලේ අතුල නායක හිමියන්ගේ ආරාධනයෙන් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවය.
උන්වහන්සේගේ ශාසනික ගමන තුළ විවිධාකාර අභියෝග දුක් කම්කටොලු ආදියට මුහුණ දීමට සිදු වුවත් මහා සැඩසුළගටත් නොසැලී නොසෙල්වී පැවැති ගල් පර්වතයක් මෙන් නින්දාවේදීත් අපහාසයේදීත් ප්‍රශංසාවේදීත් උන්වහන්සේ සැමට ආදර්ශමත් ලෙස කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




















