• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති හෝ ආණ්ඩුව මේ රටේ සෞඛ්‍යයට-දරුවන්ගේ පාසල්වලට කිසිදෙයක් කරන්නේ නෑ! අපි රෝහල්වලට උදව් කරනවා..! දරුවන්ගේ පාසල්වලට උදව් කරනවා..! ‌මහ ලොකු සමාජවාදී පක්ෂවලට රිදිලා මට අපහාස කරනවා..! ඒගොල්ලෝ කැට හොල්ලලා කෝටි ගණන් සල්ලි එකතු කරනවා! ඒ අයට කියන්න ඕන ප්‍රභූ පන්තියෙ සමාජවාදීන් කියලා! සජිත් තවත් බස් එකක් ඌරුබොක්කේ ඉස්කෝලෙකට දෙයි! (VIDEO & PHOTOS)

January 2, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
ජනාධිපති හෝ ආණ්ඩුව මේ රටේ සෞඛ්‍යයට-දරුවන්ගේ පාසල්වලට කිසිදෙයක් කරන්නේ නෑ! අපි රෝහල්වලට උදව් කරනවා..! දරුවන්ගේ පාසල්වලට උදව් කරනවා..! ‌මහ ලොකු සමාජවාදී පක්ෂවලට රිදිලා මට අපහාස කරනවා..! ඒගොල්ලෝ කැට හොල්ලලා කෝටි ගණන් සල්ලි එකතු කරනවා! ඒ අයට කියන්න ඕන ප්‍රභූ පන්තියෙ සමාජවාදීන් කියලා! සජිත් තවත් බස් එකක් ඌරුබොක්කේ ඉස්කෝලෙකට දෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රටේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් කිසිදු වැඩක් නොකරන අවස්ථාවේ සමගි ජන බලවේගය විසින් ධානපතියන් සම්බන්ධ කර ගෙන පාසල් සඳහා බස් රථ, පරිගණක හා සුහුරු පන්ති කාමර, රෝහල් සඳහා ඖෂධ ලබා දෙන විට නිර්ධන පාන්තිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන රටේ ලොකුම සමාජවාදී පක්ෂ විසින් දැඩි අපාහාසාත්මක ස්වරූපයෙන් බස් රථ රියදුරන්ට රටේ ජනාධිපති විය හැකිද කියා නින්දිත ප්‍රකාශ සිදු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවුන් තරුණයන් උපයෝගී කර ගෙන කැට හොල්ලා කෝටි ගණන් මුදල් එකතු කර සුඛෝපභෝගී පක්ෂ කාර්යාල ගොඩනගා සැප විදින කොට පොඩි මිනිසා අමතක වී ඇති බවත්, ඔවුන් ප්‍රභූ පැළැන්තියේ සමාජවාදීන් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාසල්වලට බස්රථ ලබා දීමේ වැඩසටහනට ඔවුන් ඊර්ෂයා කරන බවත් දුෂ්කර පළාත්වල පාසල්වල දුවාදරුවන්ට ලබා දෙන සහනය තුළින් යම් ශක්තියක් ලැබී ඔවුන් ඉහළට පැමිණියහොත් කුහක දේශපාලනඥයන්ගේ දරුවන් මෙන් වැජබේවි කියා ඔවුන් ඊර්ෂයා කරන බවත් මෙම සමාජවාදී නායකයන් ප්‍රභූ පැළැන්තියේ පිරිස් අදින විශාල වටිනාකමින් යුත් ඇදුම් අදිමින් දුප්පත් ජනතාවට ලබා දෙන සහන විවේචනය කරන බවත් ඔවුන්ට වැඩ කිරීමට හැකියාවක් හා සම්බන්ධකමක් නොමැති නිසා මෙවැනි අපහාස කරන බවත් ඔවුන් වැඩබැරි ටාසන්ලා ලෙස වැඩ කරන පුද්ගලයන්ගේ ගමනට බාධා කරන බවත් පැවසීය.

එහෙත් මෙම සක්වල සහ හුස්ම වැඩසටහන විවේචන මැදින්, අපහාස මැදින් තවතවත් ශක්තිමත් ගමනක් යන බවත් එය කිසිවකුටවත් නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

අලුත් ලොවක් ප්‍රාර්ථනා කරන මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක 55 වැනි අදියර. සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාගය, අද(30) හක්මන ඌරුබොක්ක ජාතික පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.

මේ වන විට අප රට දුෂ්කරතා රාශියකට මුහුණ දී ඇති බවත් නවතම වාර්තාව අනුව ලෝක ආහාර සංවිධානයට අනුව අපේ රටේ ජනගහනයේ සියයට 76ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ජනගහනයේ සියයට 73ක් මිලෙන් මෙන්ම පෝෂණයෙන් ද අඩු ආහාර භාවිත කරන බවත් සියයට 52ක් පෙරට වඩා භාවිතයට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති බවත් සියයට 40ක් එදිනෙදා වේල් 3 පිරිමහ නොගන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මහාචාර්ය ස්ටීව් හැන්කිට අනුව ලංකාවේ රුපියල ලෝකයේ සෙසු මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව වැඩිපුරම අවප්‍රමාණය වන මුදල් ඒකකය බව යි. මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් රුපියල අතුරුදන් විය හැකි බවත් පාන් ගෙඩියක් ගන්න වීල්බැරෝවකින් මුදල් ගෙන යා හැකි තත්ත්වයක් ඇති විය හැකි බවත් පැවසීය.

වැල් පාලමෙන් රට ගොඩකරනවා කිව්වත් රාජපක්ෂවරු පමණක් වැල් පාලමෙන් ගොඩ වී සෙසු ජනතාව වැල් පාලමෙන් පාතාලයට වැටුණ බවත් මේ නිසා රටේ ජනතාව මරණ මංචකය කරා ගෙන යන යුගයකට පත්ව ඇති බවත් රජයට පාසල්වල හෝ රෝහල්වල අඩුපාඩු සකස් කිරීමට මුදල් නොමැති බව කියන නිසා ජනතාව අතිශය අසරණ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩු පත් කර ගන්නේ මෙවැනි ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මිස එම ප්‍රශ්න මඟහැර යාමට නොවන බව යි. ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙනවා වෙනුවට එවැනි ප්‍රශ්න මගහැර යාම දක්නට ලැබෙන බව ද පැවසීය.

මේ වන විට අප රටේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක් බවත් විශ්වවිද්‍යාල සිසුවෙකුට තම මතය ප්‍රකාශ කිරීමට හෝ නොමැති බවත් නීතියට අනුව වරදක් කර ඇත්නම් ඒ සදහා නීතිය මඟින් කටයුතු කරනවා මිස රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන එක අනුමත කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට අප සැම එකා මෙන් නැගී සිටිය යුතු බව යි.

SendShareShare
Previous Post

මෙහේ මිනිස්සුන්ට වේලක් කන්න නෑ! බංගලිදේශය ශීඝ්‍රයෙන් දුප්පත්කම නැති කරනවා! මොන ලැජ්ජාවක්ද අයිසෙ? කරන්න බැරිනම් දාලා යනවකො අයිසේ යන්න මේ ර‌ටේ මිනිස්සුන්ට තවත් වද දෙන්නේ නැතිව! හර්ෂට මලම පනී! ආණ්ඩුවට දීලා අදී! (VIDEO)

Next Post

අවුරුදු 2ක පෙමට මව්පියන් විරුද්ධ වී යාපනේ තරුණිය ‌ගෙලවැළලාගෙන මැරිලා! පෙම්වතා හොරෙන්ම ගෙදරට ඇවිත් කසාදයේදී ගෙලට දාන තාලි කොඩිය බැඳලා ගිහිල්ලා!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.