අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත විය.Sri Lanka Latest News
එහිදී ගං වතුරෙන් පීඩාවට පත්ව වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාමා විහාරස්ථානයේ සහ විද්‍යාවර්ධන විද්‍යාලයේ රැඳී සිටින ජනතාවගේ සුවදුක් විමසා බැලූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගය විසින් එම ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන බවද පැවැසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.















