ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වූ කාර්ය මණ්ඩල ගිවිසුම සභාගත කරන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
අදාල ගිවිසුම් සම්බන්ධව මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින් එවැනි වාර්තා සභාගත කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂයේ සිටියදී දෙවරක්ම ප්‍රකාශ කර ඇති අතර, එය පූර්වාදර්ශ කොට ගනිමින් අදාල ගිවිසුම සභාවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව ද විපක්ෂ නායකතුමා පැවසීය.