අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් (27) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ අලි පැටවෙකුගේ ජීවමාන ප්‍රමාණයේ ඡායාරූපයක් නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් මහතාට පිළිගැන්වීය. ජාතික අභයභූමියක නිදහසේ උපත ලබන අලි පැටවෙකු නිරූපණය කරන මෙම රූපය, සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ගැඹුරු කැපවීම සහ දූපත් ජාතීන් දෙක අතර කල් පවතින මිත්‍රත්වය නියෝජනය කිරීම සංකේතවත් කරයි.
මෙම අවස්ථාව සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා මෙන්ම සුරංග රත්නායක, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය අමින්ද මෙත්සිල, ආචාර්ය අතුල සමරකෝන්, ආචාර්ය නදීෂ් ද සිල්වා, ආචාර්ය චන්දිමා විජයගුණවර්ධන, තලල් රාෆි මහතා, දිලුම් අලගියවන්න මහතා සහ කල්පනා ෆ්‍රැන්ඩෝ මහත්මිය එක්විය.
Honoured to gift Rt Hon @WinstonPeters a picture of a Minneriya baby elephant, Sri Lanka’s playful ambassador of friendship between our far-flung islands. 🇱🇰🤝🇳🇿 #SriLanka #NewZealand pic.twitter.com/rI3utU4utM
— Sajith Premadasa (@sajithpremadasa) May 27, 2025










