SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය.
ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එම විකෘති ප්‍රභේද හේතුවක් විය හැකි බවද පැවසු චන්න ජයසුමන මහතා, මීට පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද සඳහන් කළේය.








