රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ජන්ද 136කින් සම්මත වී තිබේ.
මෙම යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය දුන් අතර රටවල් 5ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මෙම යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරනු ලැබූ රටවල් 05 වුයේ බෙලරුස්, උතුරු කොරියාව, එර්ත්‍රියාව, සිරියාව සහ රුසියාව පමණි.
යෝජනාවට ජන්දය ප්‍රකාශ නොකර වැළකී සිටි රටවල් 35 අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානය ඇතුළු ආසියානු රටවල් විය.
යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද ප්‍රථිපල ප්‍රකාශයට පත් කිරීමත් සමග එහි සිටි නියෝජිතයින් සිය ආසනවලින් නැගිට අත්පොළසන් දුන් බවත් එය එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමකදී සිදුවූ ඉතා දුර්ලභ සිදුවීමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.










