• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාසෙකට කෝටියක් හොයන අන්තරේ කැට හෙල්ලිල්ල ගැන මහාචාර්යවරයෙක් කට අරී! සිසුන්ගේ පළමු වසරම විනාශ කරනවා! Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මාසෙකට කෝටියක් හොයන අන්තරේ කැට හෙල්ලිල්ල ගැන මහාචාර්යවරයෙක් කට අරී! සිසුන්ගේ පළමු වසරම විනාශ කරනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකලාපයන් නිසා විශ්වවිද්‍යාල සිසු සිදුවියන්ගේ අධ්‍යාපනයට දැඩි බාධාවක් එල්ල වී ඇති බව මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසනවා. Talk with Chatura යූටියුබ් වැඩසටහනට සම්මුඛ වෙමින් මහාචාර්යවරයා දැක්වූ එම අදහස් පහත පළවේ.

මහාචාර්ය සුජීව අමරසේන
මම දැකලා තියෙනවා නවක ශිෂ්‍යයන් පෙළපාළි යනකොට, පිකටින් කරනකොට මාධ්‍යවලින් ගිහින් ඔවුන්ගෙන් අහනවා ඔබගේ ඉල්ලීම මොකක්ද කියලා. නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ ගැන කියන්න දන්නේ නෑ. ඔවුන්ට කියලා නෙවෙයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දෙවැනි කාරණාව තමයි මේ දේශපාලන පක්ෂවල සහ අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයට අවශ්‍ය කරන මුදල් සොයාගන්නේ මේගොල්ලෝ හරහා. මේගොල්ලන්ව මාසෙකට සැරයක් අවම වශයෙන් කැට හොල්ලන්න කියලා ලංකාව පුරාම යවනවා. නිකන් හිතන්න ළමයි 10ක හෝ 15ක කණ්ඩායමක් හදලා, එක්කෙනකුට එක ටින් එක ගානේ දීලා ලංකාව පුරාම කුඩා නගරයකටම යවනවා. මම කුඩා නගර කියලා අදහස් කළේ දකුණු පළාතේ ගත්තොත් අඟුණකොළපැලැස්ස, වළස්මුල්ල, බෙලිඅත්ත, තංගල්ල, ඇල්පිටිය, බලපිටිය, අම්බළන්ගොඩ, බද්දේගම වගේ කුඩා නගරවලට පවා මේ අය යවනවා. එක කැටයකට එකතු වෙන මුදල් ප්‍රමාණය දහස් ගානක්.

ඒගොල්ලන්ට ටාර්ගට් එකක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා එකතු වෙන මුදල් ප්‍රමාණය. සාමාන්‍යයෙන් එක ටවුන් එකකින් මේගොල්ලෝ එකතු කරනවා රුපියල් ලක්ෂ 2ක් 3ක් විතර මුදලක්. ලංකාවෙන්ම මිලියන 10කට වැඩිය එකතු කරනවා. මේ මිලියන 10 තමයි අර පක්ෂ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සම්පූර්ණයෙන්ම මාසයක් නඩත්තු කරන්නේ. ඔවුන්ගේ පවුල් පිටින්. බස්වලට සල්ලි ගන්නේ ඒකෙන්. සමහර වෙලාවට මේගොල්ලන්ට අරක්කු දෙනවා. මේ ඔක්කොම අරන් දෙන්නේ මේ මුදල්වලින්. ඕක හරහා තමයි මේගොල්ලෝ මේ ව්‍යාපාරය නඩත්තු කරන්නේ. ඒක හින්දා තමයි මේක කරගෙන යන්නේ. අවුරුද්දක් පුරා කරන්නේ ඒක හින්දා. ඒ අවුරුද්ද තමයි ලොකුම ප්‍රශ්නෙ අපිට. මොකද පළමු අවුරුද්දේදී තමයි ළමයින්ට අපි ඉංග්‍රීසි උගන්වන්නේ, තමන්ගේ පාඨමාලාවට අවශ්‍ය පදනම දාන්නේ, පරිගණක සාක්ෂරතාව ලබාදෙන්නේ. මේක විනාශ කරනවා මේ අවුරුද්ද ඇතුළත.

ළමයින්ට ඉංග්‍රීසි ඉගෙනගන්න දෙන්නේ නෑ. එතකොට රැකියාවක් හොයාගන්න බෑ. ජී.පී. එක, එහෙම නැත්නම් ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක අඩුවෙනවා පළමු වසරේ විභාග දෙකේ ප්‍රතිඵල අඩු වීම නිසා. රෑට පාඩම් කරන්න දෙන්නේ නෑ දේශපාලන පක්ෂවල පන්ති කරනවා. රෑ 2, 3, 4 වෙනකල්. මේක දශකයක් දෙකක් තිස්සේ කරගෙන ගිය වැඩපිළිවෙළක්. පක්ෂ විතරක් මාරුවෙලා තියෙනවා පහුගිය කාලේ. ඉතින් ඒක නවත්තනතුරු අපිට අනාගතයක් නෑ.

Talk with Chatura යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ජනගත කෙරේ! Sri Lanka Latest News

Next Post

පළාත් පාලන ආයතන පිහිටුවන්න මාලිමා ආණ්ඩුව අනිත් අය කළා වගේම ඩීල් පොලිටික්ස් කරන්න හදනවා! මේක මිනිස්සු ප්‍රතික්ෂේප කරපු ක්‍රමයක්! මාලිමා ආණ්ඩුව ගේන්න සහාය දුන්නු මහාචාර්ය නිර්මාල් රංජිත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.