• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රොෂාන් රණසිංහ එළියට දැම්මේ පොඩි පොඩි කෑලි ටිකක් විතරයිලු! තව ‌ලොකු කෑල්ලක් එළියට එන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

November 28, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
රොෂාන් රණසිංහ එළියට දැම්මේ පොඩි පොඩි කෑලි ටිකක් විතරයිලු! තව ‌ලොකු කෑල්ලක් එළියට එන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජන මතයක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණ සඳහා න්‍යාය පත්‍ර සකස් කිරීමේදී ජාතිවාදය නැවත ගෙන ඒමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (28) දින විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් නලින් බණ්ඩාර මහතා මේ බව පැවැසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මීට පෙර ජාතිවාදය දේශපාලනය සඳහා භාවිතා කළේ නැති බවත් නමුත් රනිල් රාජපක්ෂ එක කඳවුරුක් වීම හරහා ජාතිවාදී සළුපිළි ජනාධිපතිවරයාත් අදින්න කටයුතු කරනවාදැයි සැකයක් මතුවන බවත් නලින් බණ්ඩාර මහතා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා පැවසුවේ, විපක්ෂ නායකවරයා ඩීල් දේශපාලනයේ නැති නිසා ඔහුට සෘජුව රාජපක්ෂවරුන්ට සහ ආණ්ඩුවට විරුද්ධව තදින් ප්‍රහාර එල්ල කිරීමට හැකි බවත් ඒ බව රටේ ජනතාවටත් පැහැදිලි වී තිබෙන බවත් ඉදිරියේදී ඩීල් නැති පිරිසක් සමඟ ප්‍රබල සන්ධානයක් ඇතිකර ඒ තුළින් රට ගොඩනැගීම සමගි ජනබලවේගයේ අරමුණ බවත්ය.

නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

 ‘‘හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දූෂණයට හොරකමට එරෙහිව කටයුතු කළ ඇමැතිවරයෙක්. ක්‍රිකට් පාලක මණ්ඩලය නිවැරදි දිශාවකට ගෙනියන්න රොෂාන් රණසිංහ කටයුතු කළා. ඒ හරහා රොෂාන් රණසිංහට හතුරෝ ඇතිවුණා. රොෂාන් රණසිංහට ජීවිත තර්ජන තිබෙන බවටද විවිධ කතා ඇතිවුණා. මෙවැනි තත්ත්වයක් තුළ රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.  ඒ ප්‍රකාශය ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට සෘජුව චෝදලා එල්ලවුණ ප්‍රකාශයක් බවට පත්වුණා. 

රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය තුළ තෙල් , ගෑස් , ගල් අගුරු ගෙන ඒමේදී දූෂණ වංචා සිදුවෙන බව පැවසුවා. ඒ කරුණු කාරණා ඔහු ප්‍රකාශ කළේ බාගෙට. රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා ලොකු කතාවක පොඩි කෑල්ලක් පාර්ලිමේන්තුවේදී හෙළි කළා. රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා සතුව විශාල වංචා දූෂණ රැසක තොරතුරු තිබෙන බව පැහැදිලියි.
ඒ වංචා දූෂණ පිළිබඳ හෙළි කරන්නැයි රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. රොෂාන් රණසිංහගේ දේශපාලන තීන්දුව ගැන අපිට කියන්න බෑ. නමුත් ඩීල් නැති දේශපාලන ව්‍යාපාරයක් සමඟ රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා එකතු වෙයි කියලා අපි හිතනවා. ඩීල් නැති එකම විපක්ෂයේ බලවේගය සමගි ජනබලවේගය.

විපක්ෂ නායකවරයා ඩීල් දේශපාලනයේ නැති නිසා ඔහු සෘජුව රාජපක්ෂවරුන්ට සහ ආණ්ඩුවට විරුද්ධව තදින් ප්‍රහාර එල්ල කරනවා. ආණ්ඩුව සමඟ ඩීල් තිබෙන පිරිස් ආණ්ඩුවට තදින් පහර දෙන්නේ නෑ. ඒ අනුව රටේ ජනතාවටත් පැහැදිලි වෙලා තිබෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ ඩීල් නැති නායකයෙක් කියලා. ඉදිරියේදී ඩීල් නැති මිනිස්සු එක්ක ප්‍රබල සන්ධානයක් ගොඩනගලා ඒ තුළින් රට ගොඩනැගීම තමයි සමගි ජනබලවේගයේ අරමුණ.

විධායකය විසින් ව්‍යවස්ථාදායකය යටපත් කරනවාදැයි සැකයක් මතුවී තිබෙනවා. ජනාධිපතිවරයා ස්වාධීන කොමිසන් සභාවලට , පාර්ලිමේන්තු කටයුතු වලට , පර්ලිමේන්තුවේ වේලාවන් වලට අතපොවන තත්ත්වයක් දකින්න තිබෙනවා. ඒ වගේම විපක්ෂ නායකවරයාගේ දරුණු ප්‍රහාර හමුවේ තැතිගැන්වුණ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සජීවි විකාශනයත් ප්‍රමාද කරන්නත් උත්සහ කරනවා.

ජාතිවාදී හැඟිම් ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ යළිත් කරළියට ඇවිත් තිබෙනවා. නැවත ජාතිවාදී රොටිය පුච්චන්න හදන්නද මේ පිරිස් උත්සහ ගන්නේ කියන එක අපිට ප්‍රශ්නයක්. ජාතිවාදය නැමැති රොටිය පුච්චලා රටේ ජනතවාට කන්න දීපු එක තමයි රාජපක්ෂ කඳවුර හැමදාම කළේ. ඒ රොටියෙන් තමයි ගොඩ ගියේ. ජන මතයක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණ සඳහා න්‍යාය පත්‍ර සකස් කිරීමේදී ජාතිවාදය නැවත ගේන්න උත්සහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මීට පෙර ජාතිවාදය දේශපාලනය සඳහා භාවිතා කළේ නෑ. නමුත් රනිල් රාජපක්ෂ එක කඳවුරුක් වීම හරහා ජාතිවාදී සළුපිළි ජනාධිපතිවරයාත් අදින්න කටයුතු කරලාද දන්නේ නෑ.

2024 ජනාධිපතිවරයා දකින හීන සමගි ජනබලවේගය රටේ ජනතාවට පෙන්වන්න යන්නේ නෑ. කඩිනම් ආර්ථික වර්ධනයක් සමඟ වේගවත් ගමනක් යන්න පුලුවන් රටක් නිර්මාණය කරලා රටේ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කරන වැඩපිළිවෙලක් තමයි සමගි ජනබලවේගය නිර්මාණය කරන්නේ. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම තමයි රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන මං සලකුණ. ඒ හරහා රටේ ජනතාවගේ ඉල්ලක්කවලට ඔවුන්ට ගමන් කරන්න පුලුවන්.

2024 අප්‍රේල් මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණෙන්න පුලුවන්. ඒ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු පොහොට්ටුවේ පිරිස එකතු වෙලා තරඟ කරයි. සමගි ජනබලගය දැවැන්ත සන්ධානයක් හරහා පාර්ලිමේන්තු මැතිවරණයටක ඉදිරිපත් වෙන්න සූදානම්. ඒ සන්ධානය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 130 කට වඩා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරලා ශක්තිමත් ආණ්ඩුවක් නිර්මණය කරන්න අවශ්‍ය වැඩිපිළිවෙල සකස් කරනවා. සියලු බලවේගවලට සියලු සිවිල් ක්‍රියාකාරීන්ට ආරාධනා කරනවා සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සමඟ එකතු වෙන්න කියලා.

රට ඉදිරියට රැගෙන යන්න වර්තාමාන පාර්ලිමේන්තුවට ජනමතයක් නෑ. ගෝඨාභය රාජපක්ෂගේ පලා යාමත් සමඟ ඒ ජනමතය අහෝසි වුණා. ජනමතයක් නැති පාර්ලිමේන්තුවේ 225 සිටිම ඵලක් නෑ. ගෝඨාභය රාජපක්ෂගේ පලා ගියේ ජනමතයක් සූන්‍ය කරලා. 2024 පැමිණෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එකතුවෙලා ඩීල් නැති දූෂණ වංචා නැති ආණ්ඩුවක් හදන්න.‘‘

=================================

ප්‍රශ්නය – ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් ඇමැතිවරයෙක් කැබිනට් මණ්ඩලය ගෙනල්ලා කරුණ පහදා දීලා අස්කරලා තිබෙනවා. එවැනි දෙයක් සිදුවෙලා නෑ. ඒ කාරණයෙන් ආණ්ඩුව උද්දාමයට පත්වෙලා තිබෙනවා.

පිළිතුර – රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ කාරණය ප්‍රතික්ෂේප කළා. රොෂාන් රණසිංහ ඇමැතිවරයා දූෂණයට වංචාවට විරුද්ධව කතාකරපු ඇමැතිවරයෙක්. ඔහුව කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා කරුණ පහදා දීලා අස්කරන්න තරම් සාධාරණ කරුණු කාරනා හෙළි වෙලා නෑ. පිරිසිදු නායකයින්ට මේ ආණ්ඩුවේ ඉඩක් නැ කියන කාරණය තමයි රොෂාන් රණසිංහ ඇමැතිවරයාගේ අස්කිරීමේන් පෙනෙන්නේ.

ප්‍රශ්නය – අලුත් ක්‍රිඩා ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු පත්වීමේ ජයග්‍රහනය තිබෙන්නේ ශම්මි සිල්වාට නේද?

පිළිතුර – ක්‍රිඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පෙනී සිටින්නේ ක්‍රිකට් වෙනුවෙන්ද ජාවාරම්කාරයින් වෙනුවෙන්ද කියන කාරණ තමයි වැදගත් වෙන්නේ. ඒ අනුව තමයි අපිට ක්‍රිකට් පිළිබඳ අනාගතය ලියන්න වෙන්නේ. රොෂාන් රණසිංහ පරාජය වුණ එක ගැන ශම්මි සිල්වාට සතුටක් ඇති.

ප්‍රශ්නය – රෝෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා බරපතල ප්‍රකාශයක් කළා ඔහුගේ ජීවිතයට අනතුරක් වුණොත් ජනාධිපතිවරයාට සහ සාගල රත්නායක වගකිව යුතුයි කියලා.

පිලිතුර – ඒ ප්‍රකාශය ජනාධිපතිවරයාටත් හොද චෝදනාවක් නෙවෙයි. ඒ චෝදනා නිසා තමයි රොෂාන් රණසිංහට ඇමැතිධූරය අහිමිවුණේ. රෝෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය ඔහුගේ ඇමැතිධූරට නැතිවීම වේගවත් වුණා. ඒ ගැන විපක්ෂය අවධානයෙන් සිටිනවා.

ප්‍රශ්නය – විපක්ෂ නායකගේ පාර්ලිමේන්තු පැමිණීම සති දෙකකට අහෝසි කරන්න යනවා කියලා ආරංචියක් තිබෙනවා.

පිලිතුර – ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ආණ්ඩුවට තදින් විපක්ෂ නායකවරයා පහර දෙන නිසා පාර්ලිමේන්තුවෙන් ඔහුව ඉවත් කරන්න , ඔහුගේ කට වහන්න ආණ්ඩුවේ පිරිස් උත්සහ කරනවා.

SendShareShare
Previous Post

ආණ්ඩුවට ඡන්දය දුන් වඩිවේල් ‌සුරේෂ්ව සජබයෙන් පන්නයි! ලෙත්චුමනාර් සංජයට සජිත් පස්සර බාරදෙයි! I Sri Lanka Latest News

Next Post

රූපවාහිනියයි ගුවන් විදුලියයි දිගට හරහට පාඩු ලබනවා! කරන්න දෙයක් නෑ! දෙකම පොදු සමාගම් කරලා දානවා! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.