ශ්‍රී ලංකා මහා බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 1.8ක් මට්ටමට අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
චීන මහජන බැංකුවෙන් ලබාගත් ඇමෙරිකා ඩොලර් බිලියන 1.4ක් විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් බවද මහබංකුව කියයි.
ඒ අනුව ප්‍රයෝජනයට ගත හැකිව ඇත්තේ ඩොලර් මිලියන 400ක මුදල් ප්‍රමාණයක් පමණි.
සැප්තැම්බර් මස අවසන් වන විට සිදු කළ ගණන් බැලීම්වලට අනුව එම නිල සංචිත ප්‍රමාණය පැවැති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.










