ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ රතු නිවේදනයක් දිස්ත්‍රික්ක නවයකට නිකුත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේය.
සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් පවසයි.
ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.
ඒ අනුව මහනුවර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල, කළුතර, මොනරාගල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක නවය රතු පැහැයෙන් සලකුණු කර ඇත.
අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.











