එක්සත් ජාතික පක්ෂයේ බියගම ප්‍රධාන සංවිධායක ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
ප්‍රකට ව්‍යාපාරිකයෙකු,සමාජ සේවකයෙකු, වෘත්තීයවේදියෙකු, මෙන්ම ලේඛකයෙකුද වන ඒ මහතා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයෙන් දේපළ කළමනකරණ අධ්‍යපන උපාධියක් ලබා ඇත.
එංගලන්ත, ඇමෙරිකා විශ්වවිද්‍යලවල ආචාර්ය උපාධිදාරියෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නිකාය ආරක්ෂක සභාවේ මහ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරයි.
උතුරු කොළඹ ශික්ෂණ මහ රෝහලේ රෝහල් කමිටු සභාපතිවරයා ලෙසද, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරන ලද වැඩිහිටි මණ්ඩලයේ හිටපු විනිසුරුවෙකු ලෙසද, කඳාන ආනියකන්ද දිසා රෝහලේ රෝහල් කමිටු සභාපතිවරයා ලෙසද, ලෝක මනුෂ්‍යත්ව පදනමේ සභාපතිවරයා ලෙසද ඔහු, විශාල සමාජ සත්කාරයක නිරත වේ.
දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා කෘතහස්ත සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසද කීර්තිමත් ය.
සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය, වෘත්තීයවේදි සංසදයේ සාමාජිකත්වය, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳව උපදේශකත්වය මෙන්ම විපක්ෂ නායකතුමාගේ උපදේශක ධූරයකටද එතුමන්ව පත්කොට තිබේ.










