රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණවලට බය පුද්ගලයෙක් බවත් ඔහු පිළිබඳව විශ්වාසයක් රටේ ජනතාව කෙරෙහි ගොඩනැගි නැති බවත් එම නිසා ඔහුට සිදුකිරිමට තිබෙන්නේ මැතිවරණයට ඉදිරිපත් නොවී නම්බුකාර විදිහට විශ්‍රාම යෑම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.Sri Lanka Latest News
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.
‘‘රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිවරණවලට බය පුද්ගලයෙක්. ජනාධිපතිවරණ වලට වෙන වෙන අපෙක්ෂකයක් ඉදිරිපත් කරලා මැතිවරණ මහහැරිය පුද්ගලයෙක් තමයි රනිල් වික්‍රමසිංහ. 2010 දී සරත් ෆෙන්සේකා , 2015 මෛත්‍රීපාල සිරිසේන , 2019 සජිත් ප්‍රේමදාස තමයි ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වුණේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වුණේ නෑ.
පොදුජන පෙරමුණේ 134 දෙනෙකුගේ ආශීර්වාදයෙන් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිධූරයට පත් වුණේ. ජනමතයක් නැතිව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයෙන් සහ පොහොට්ටුවේ ආශිර්වාදයෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති බවට පත් වුණේ.
රණසිංහ ප්‍රේමදාස මහතා මියගිය පසු ඩි.බී විජේතුංග මහතාව පත් කළේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් විදිහට. රණසිහ ප්‍රේමදාස මහතාට ලැබුණේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ලෙස ජන මතයක්. කිසිදු ජන මතයක් නැතිව පොහොට්ටුවට කිසිදු සම්බන්ධයක් නැතිව නමුත් පොහොට්ටුවේ ආශිර්වාදයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ලෙස පත් වුණා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මැතිවරණයකින් ජය ගන්න බැරි නිසා විවිධ මුට්ටු දාලා බලනවා . රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් ඉදිරි ජනාධිපතිවරණයෙදී අපෙක්ෂකයෙකු ලෙස තෝරා පත්කරගමු කියලා වජිර අබේවර්ධන කියනවා. පාලිත රංගේ බණ්ඩාර පසුගිය සතියේ කියනවා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අවුරුදු දෙකකින් කල් දාන්න ඕන කියලා. ආශු මාරසිංහත් කියන්නේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අවුරුදු දෙකකින් කල් දාන්න ඕන කියලා. මොවුන් මේවැනි කතා කියන්නේ ඔවුන්ගේ තනතුරු ටික බේරගන්න. රට ගැන හිතලා නෙවෙයි මොවුන් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ජනාධිපතිවරය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතුයි කියලා කියපු ප්‍රකාශය රංගේ බණ්ඩාරගේ මතය නෙවෙයි. ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මතය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුට්ටිය දාලා බලනවා තව අවුරුදු දෙකක්වත් ජනාධිපතිධූරයේ රැඳි සිටින්න පුලුවන්ද කියලා. ඔහුට මැතිවරණයකින් ජනාධිපති වෙන්න බෑ කියලා ඔහු හොදටම දන්නවා. ඒ නිසා මේ පාරත් ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන්නේ මැතිවරණයට ඉදිරිපත් නොවී නම්බුකාර විදිහට විශ්‍රාම යන්න.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසයක් රටේ ජනතාව කෙරෙහි ගොඩනැගිලා නෑ. ඒක තමයි ඔහු මැතිවරණ වලට ඉදිරිපත් වුණේ නැත්තේ. ඒ නිසා තමයි මැතිවරණ නොතියා තවත් බලයේ රැදි සිටින්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සහ කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති , ලේකම්ව යොදාගෙන මැතිවරණය පිළිබඳ විවිධ කතා සමාජ ගත කරන්න උත්සහ කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ අවලංගු කාසියක්.
මේ අතර පොදුජන පෙරමුණේ කණ්ඩායමක් කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන්න සහාය දෙනවා කියලා. ඔවුන් රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති කරන්න හදන්නේ රටට තිබෙන ආදරය නිසා නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ සමඟ පොහොට්ටු නඩය ජනතාව පන්නා දැම්මා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පිරිස ආරක්ෂා කරන්න කටයුතු කළා. ඒ නිසා තමයි ඔවුන් රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්න හදන්නේ. නමුත් නාමල් ඇතුළු තවත් පොහොට්ටු කණ්ඩායමක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දෙන්න අකමැති. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් උපරිම උත්සහ කරන්නේ පොහොට්ටුවේ කැඩි කණ්ඩායම් නැවත එකතු කරන්න. ඒ වගේම ජනාධිපතිවරයා විපක්ෂයේ කණ්ඩායම් වල ඇමැතිධූර ලබාදෙන්න කතාකරනවා , වරප්‍රසාද ලබාදෙන්න කතාකරනවා. ඒ වගේම මත්පැන් බලපත්‍ර 400 ක් දෙන්න ආණ්ඩුවේ සුදානමක් තිබෙනවා. ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් සහායක් ලබාදෙමින් තමයි මේ මත්පැන් බලපත්‍ර නිකුත් කරන්න යන්නේ. ඒ විදිහට තමයි ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් හොයන්න සැලසුම් සකස් කරන්නේ. මේ මත්පැන් බලපත්‍ර ලබාදීම හරහා මිලියන ගණින් මුදල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සාක්කු වලට වැටෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයට අවශ්‍ය මුදලුත් මේ හරහා එකතු වෙනවා.
ආණ්ඩුව මේ වනවිට කටයුතු කරන්නේ රට වැටිී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට නෙවෙයි. විවිධ පුද්ගලයන්ට අල්ලස් , තනතුරු , වරප්‍රසාද ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව නැවත ජනාධිපති කරන්න. දේශපාලන වශයෙන් බුද්ධියක් තිබෙන විපක්ෂයේ කිසිවෙක් ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නෑ. ආණ්ඩුව සමඟ විපක්ෂයේ කෙනෙක් එකතු වෙන්න උත්සහ කරනවානම් ඒ ඔහු යන්නේ තමන්ගේ දේශපාලන ජිවිතේ මලගමට. ආණ්ඩුව සමඟ මේ මොහොතේ එකතු වෙන්නේ රටට ආදරය කරන මිනිස්සු නෙවෙයි. වරප්‍රසාද නැතුව බැරි , ප්‍රතිපත්ති පාවා දෙන , ඕනම කෙනෙක් එක්ක දීග කන්න කැමැති , දේශපාලන ගණිකාවන් තමයි ආණ්ඩුව සමඟ එකතු වෙනවානම් එකතු වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එකතු වෙනවා කියන්නේ පොහොට්ටුව සමඟ එකතු වෙනවා කියන එකයි. එහි කිසිදු වෙනසක් නෑ. පොහොට්ටුවේ ඉන්න පිරිස තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දෙන්න ඉදිරිපත් වෙලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එකතු වෙලා ඉන්නේ යහපාලන ආණ්ඩුව කාලයේ වංචා , දූෂණ , හොරකම් වලට සම්බන්ධ යැයි නම් කළ පිරිසක්. ඒ බව අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අමතක වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලඟම ඉන්නේ යහපාලන කාලයේ වැරදිකරුවන් ලෙස නම් කළ පිරිස. බලය උදෙසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති සියල්ල අමතක කරලා තිබෙනවා.
ආණ්ඩුවේ පිරිස් මොන කතා කිව්වත් අනිවාර්යෙන් ඔක්තොම්බර් 17 ට කලින් ජානාධිපතිවරණය පැවැත්වෙනවා. ජනාධිපතිවරණය අවසන් වුණ ගමන් පාර්ලිමේන්තු මැතිවරණයකුත් මේ අවුරුද්දේ එනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන ගණිකාවන් ගැන තීන්දුව ජනතාව ගත යුතුයි. ඒ දේශපාලන ගණිකාවන් තීන්දු තිරණ ගන්නේ රට වෙනුවෙන් නෙවෙයි. ඔවුන් තමන්ට අවශ්‍ය වරප්‍රසාද ලබාගන්න තමයි ඩිල් දේශපාලනයක ඔවුන් නිරත වෙන්නේ. දේශාපාලන ගණිකාවන් නැවත පාර්ලිමේන්තුවට එවන්න කටයුතු නොකරන්න කියනා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවට පත් කළ යුත්තේ රටට වැඩක් කරන සුදුසු පිරිසක්.
මොන දේශපාලන ඩීල් ක්‍රියාත්මක වුණත් රටේ ඊළඟ නායකයා බවට පත් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. රටේ ඊළග ආණ්ඩුව හදන්නේ සමගි ජනබලවේගය. සමගි ජනබලවේගය සමඟ විශාල පිරිසක් අත්වැල් බැඳගෙන සිටිනවා. එළඹෙන සතියේදී දවස් 10 කින් ලක්ෂ 20 ක සමාජිකයන් ප්‍රමාණයක් අලුතින් සමගි ජනබලවේගයට බඳවා ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කරනවා. ඒ වගේම ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න හැකි ශක්තිය සමගි ජනබලවේගයට තිබෙනවා.
ජනමතයකින් අලුත් පාර්ලිමේන්තුවක් සහ ජනමතයකින් රටට නායකයෙකු පත් කරගන්න අවශ්‍යයි. මැතිවරණ කල් නොදමා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පවත්වන්න. රටට අවශ්‍ය වන්නේ ජනමතයක් තිබෙන නායකයෙක් සහ ජනමතයක් තිබෙන පාර්ලිමේන්තුවක්. ‘‘
ඉන්ධන මිල තව අඩු කරන්න පුලුවන්
‘‘ඉන්ධම මිල අඩු කිරිමට රජය පියවර ගෙන තිබෙනවා. මේ වනවිට ලෝක වෙළඳපොලේ ඉන්ධන සීඝ්‍ර ලෙස මිල පහළ ගොස් තිබෙන නිසා ඊට වඩා මුදලකින් තෙල් මිල අඩු කරන්න පුලුවන්. රුපියල් 110 , 120 ට තිබ්බ ඉන්ධන මිල තමයි දැන් 300 වැඩි වෙලා තිබෙන්නේ. මේ ආකාරයට මිල අඩුකිරිමෙන් ජනතාවට කිසිදු සහනයක් ලැබෙන්නේ නෑ. මීට වඩා ඉන්ධන වලට සහනයක් රජයට ලබාදෙන්න පුලුවන්.‘‘
සාගර කාරියවසම් කියන්නේ බොරු කාරයෙක්
‘‘සාගර කාරියවසම් කියනවා ඡන්දය කල් දැම්මොත් පොදුජන පෙරමුණෙන් ඉවත් වෙනවා කියලා. සම්පුර්ණ බොරු කතාවක් ඒක. මාධ්‍ය සාකච්ඡාවල විකාර කතා කියලා. පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ගේන සියලු අණ පනත් වලට අත උස්සනවා. මැතිවරණය කල් දානවට විරුද්ධනම් අධිකරණයට යන්න පුළුවන්නේ. පළාත් පාලන මැතිවරණය කල් දැම්මා ඊට විරුද්ධව ඔවුන්ට අධිකරණය යන්න තිබ්බනේ. එහෙම කළේ නෑ. ඒ නිසා සාගර කාරියවසම් කියන බොරු රටේ ජනතාව පිළිගන්න සූදානම් නෑ.‘‘










