පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා තමන් විසින් පත් කළ කමිටු සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ. Sri Lanka Latest News
මෙම කමිටු දෙකෙන් එක් කමිටුවක් ඔහු පත් කර තිබුනේ, ප්‍රහාරය පිළිබදව බුද්ධි අංශ සිදු කළ දැනුම් දීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු පාර්ශ්ව නිසි පරිදි කටයුතු කර තිබේද යන්න සොයා බැලීම සදහා ය.
එම කමිටුව විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව පසුගිය දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හෙළි කරන ලදී.
අද කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පවසා සිටියේ, රජය, ගම්මන්පිල විසින් හෙළිදරව් කරන ලද කමිටු වාර්තාව පිළි නොගන්නා බවයි.
එම කමිටුවේ සභාපති විනිසුරුවරියද විශමාචාර චෝදනා එල්ල වූ අයෙකු බව විජිත හේරත් පවසා සිටියේ ය.
ඊට අමතරව, කාදිනල් හිමි සහ සිරිල් ගාමිණී පියතුමා ද අද මාධ්‍ය හමුවක් පවත්වමින්, එම කමිටු වාර්තාව තමන් පිළි නොගන්නා බව ප්‍රකාශ කළේ ය.










