මේ ජනාධිපතිට සහ ආණඩුවට ජනමතයක් නැහැ. ඒ අය සහ ජනතාව අතර විශාල පරතරයක් තියෙනවා. කෙහෙලියට එරෙහි විශ්වාසභංගයෙන් පෙන්නුම් කලේ ඒකයි. ජනතාව කියන්නේ “බෙහෙත් නැහැ බෙහෙත් ටික ගේන සල්ලි ටික හොරකම් කරන එක නවත්වන්න කියල”. ආන්ඩුවේ මන්ත්‍රීවරු 113 කියන්නේ “ඒව අපිට අදාළ නැහැ. අපිට ජනතාව කියන දේ අදාළ නැහැ” යැයි මහාචාර්ය චරිත හේරත් මහතා කීය.Sri Lanka Latest News
රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘යලි පුබුදමු ශ්‍රීලංකා’ වැඩ සටහන ජනතාවට හොරෙන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ. රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මුවාවෙන් මුලු බලශක්ති ක්ෂේත්‍රයම ‘ගජමිතුරුකරණය’ කරමින් ඉන්නේ. ආණ්ඩුවේ ඉන්න සමහර මාතර නායකයො මේ ගජමිතුරු වෙළදාමේ නියෝජිතයන් වෙලා. යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.










