ලාංකික ජනතාවට ප්‍රමාණවත් ආහාර සහ ඖෂධ ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මෙරටට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සඳහා වන “එක්සත් ජාතීන්ගේ ගෝලීය මානුෂීය අභියාචන සැලසුම” සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඉදිරි මාස හතරක් සඳහා ඩොලර් මිලියන 48කට ආසන්න මුදලක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
මෙලෙස රැස් කරන මුදලෙන් කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සඳහා ඩොලර් මිලියන 34.5 ක් ද, කාන්තාවන් සහ ළමයින් ගේ සෞඛ්‍ය සඳහා ඩොලර් මිලියන 8 ක් ද, පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දීම ඇතුළුව ළමුන්ගේ ආරක්ෂාව සඳහා ඩොලර් මිලියන 4.8 ක් ද වෙන් කිරීමට සැලසුම් කර ඇත.
කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වෙද්දී බොහෝ දෙනා සිතා සිටියේ ජාත්‍යන්තරය වහාම ලංකාවට ඩොලර් බිලියන ගණන් ලැබෙනු ඇතැයි කියාය.