• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අත් දෙකට මාංචු වැටෙයි! රාජිතත් රනිල් ගිය පාරේම! Sri Lanka Latest News

August 29, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
අත් දෙකට මාංචු වැටෙයි! රාජිතත් රනිල් ගිය පාරේම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.Sri Lanka Latest News

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනතුරු ඒ මහතාව රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙන බවත් ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළාය.

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරු දිගින් දිගටම ප්‍රකාශ ලබාදීමට පැමිණීම මඟහැරීම හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 12 වනදා මෙම විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගෙන තිබෙන බව නීතිඥවරිය පැවසුවාය. 

එම නිසා මෙම විත්තිකරු ඇප පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති හෙයින් මෙම නඩුව සඳහා ඔහුට ප්‍රදානය කර තිබෙන ඇපය අවලංගු කර විත්තිකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා සිටියාය. 

මෙහිදී රාජිත සෙනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ වන බව පැවසුවේය.

ඇප පනත යටතේ තම සේවා දායකයාගේ ඇප අවලංගු කිරීමට තරම් කරුණු කිසිවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බව ඔහු කියා සිටියේය.

අල්ලස් කොමිසමට අවශ්‍ය වන්නේ මේ වගේ පුද්ගලයන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයට පත් කිරීමට බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

තම සේවා දායකයා සෑම නඩු දිනයකම අධිකරණය හමුවේ නොකඩවා පෙනී සිටි බවත් ඔහු අධිකරණයට ගරු කරමින් අද දිනයේත් මෙම අධිකරණයට පැමිණ තිබෙන බවත් පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඔහුගේ ඇපය අවලංගු කිරීමට නොහැකි බව කියා සිටියේය. 

මෙය අල්ලස් කොමිසමේ අසාමාන්‍ය ක්‍රියා කලාපයක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අල්ලස් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී විනිසුරුවරිය ජනාධිපති නීතිඥවරයාට සඳහන් කළේ පුද්ගලික පහරදීම් සිදුකිරීමෙන් වළකින ලෙසය. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මෙම සැකකාර රාජිත සේනාරත්න මහතා මෙම නඩුව සඳහා මුල පටන් අඛණ්ඩව පෙනී සිට ඇති බව නඩු වාර්තාව පිරික්සීමේදී පෙනී යන බව සඳහන් කළාය. 

ඒ අනුව ඇප පනතේ 14 (2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු විසින් අධිකරණයට නොපැමිණීමක්, බලපෑම් කිරීමක්, අයුතු මැදිහත් වීමක් සිදුකරන තිබෙන බවට තම අධිකරණයට කරුණු පෙනී නොයන බව විනිසුරුවරිය සඳහන් කළාය. 

වෙනත් නඩුවකට මෙම සැකකරු පෙනී නොසිට තිබෙන බව පැවසුවද මෙම අධිකරණය හමුවේ ඔහු නොකඩවා පෙනී සිට ඇති බැවින් ඔහු අධිකරණය මඟහැරීමක් සිදුකර නොමැති බව පැහැදිලි වන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම නඩුව සඳහා ඇප අවලංගු කිරීමට තරම් සාධාරණ කරුණු මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම විත්තිකරුට නියම කර තිබෙන ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය. 

කෙසේ වෙතත් මෙම විත්තිකරුට වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව සහ ඒ පිළිබඳව විත්තිකරු දැනුවත්ව සිටින බවට මෙම අධිකරණයට කරුණු පැහැදිලි වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය ඊට අදාළව කටයුතු කිරීමට අධිකරණය බැඳී සිටින බවත් සඳහන් කළේය. 

ඒ අනුව මෙම විත්තිකාර රාජිත සේනාරත්න මහතා වහාම රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරිය ඉන් අනතුරුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියාය. 

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කරන තුරු ඒ මහතා රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙසත් විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

ඒ අනුව විත්තිකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

SendShareShare
Previous Post

බලද්දි රනිල් කියන්නේ බරපතළ ලෙඩෙක්නේ..! නැති ලෙඩක් නෑ! නීතීඥවරුම කිව්වේ උසාවියට! පළිගැනීමක් නෑ! හැබැයි නීතිය ක්‍රියාත්මක වෙද්දි රටේ ලෙඩ ටික නම් හොඳ වෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

සති ගාණක් එර්දි වෙලා හිටපු රතන හිමිත් අද අධිකරණයට වැඩම කරලා!  I Sri Lanka Latest News

MORE NEWS

ඉම්රාන්ව හිරේට දාලා පාකිස්තාන අගමැති පාර්ලිමේන්තුව විසුරුවන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න! වහාම තෙල් මිල අඩු කරන්න.. -අගමැති! මේ පකිස්තානේ..! I Sri Lanka Latest News

වෙනදා මායම් 64ට රැවටුණේ පිරිමි! දැන් පිරිමින්ගේ මායම්වලට ගෑනුන්ට ඇඩ්‍රස් නෑ! I Sri Lanka Latest News
Exclusive

වෙනදා මායම් 64ට රැවටුණේ පිරිමි! දැන් පිරිමින්ගේ මායම්වලට ගෑනුන්ට ඇඩ්‍රස් නෑ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව IMF ලංකාවෙන් යවන්න ලෑස්ති වෙද්දී IMF ලංකාවේ සංචාරයකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

හෝමූස් ආපහු වහයි! ! Sri Lanka Latest News

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

Load More
ඉම්රාන්ව හිරේට දාලා පාකිස්තාන අගමැති පාර්ලිමේන්තුව විසුරුවන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න! වහාම තෙල් මිල අඩු කරන්න.. -අගමැති! මේ පකිස්තානේ..! I Sri Lanka Latest News

එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ජාත්‍යන්තර තෙල් මිල පහත වැටීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයින්ට වහාම ලබා දෙන...

Read more
වෙනදා මායම් 64ට රැවටුණේ පිරිමි! දැන් පිරිමින්ගේ මායම්වලට ගෑනුන්ට ඇඩ්‍රස් නෑ! I Sri Lanka Latest News

වෙනදා මායම් 64ට රැවටුණේ පිරිමි! දැන් පිරිමින්ගේ මායම්වලට ගෑනුන්ට ඇඩ්‍රස් නෑ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව IMF ලංකාවෙන් යවන්න ලෑස්ති වෙද්දී IMF ලංකාවේ සංචාරයකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

හෝමූස් ආපහු වහයි! ! Sri Lanka Latest News

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.