පන්ජාබයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් යාසීන් ජෝයියා පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි ආණ්ඩුකාර මන්දිරයේ ඊයේ (08)දින මුණ ගැසී තිබේ.
එහිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා පන්ජාබ් ආණ්ඩුකාරවරයා ලබාදුන් සහයෝගයට, ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් වරයා ස්තුතිය පුදකර ඇත.
එහිදී පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් යාසීන් ජෝයියා ප්‍රියන්ත කුමාර ගේ අභාවය හේතුවෙන්, මේ වන විට අසරණභාවයට පත්ව ඇති ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් යම් සහනයක් සැලසිය හැකි දැයි පංජාබ් ආණ්ඩුකාරවරයාගෙන් විමසා තිබෙනවා.
ඊට ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ පංජාබ් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ, මෙම ශෝක ජනක සිදුවීම හේතුවෙන් දිවි අහිමි වු ප්‍රියන්ත කුමාර වෙනුවෙන් පංජාබ් ප්‍රාන්ත ආණ්ඩුවෙන් මූල්‍ය වන්දියක් ලබා දීමට කටයුතු කරන බවයි.
එමෙන්ම තවදුරටත් මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා නීති සම්පාදනය කිරීමටත් සිය ප්‍රාන්ත සභාව තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඒ අනුව මේ වනවිටත් පංජාබ් ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස නව නීති යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු මෙහිදී ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් වරයාට දන්වා තිබෙනවා.
එමෙන්ම මෙම සිද්ධිය පංජාබ් ප්‍රාන්ත සභාවේ දැැඩි ලෙස හෙළා දකින අතර, ඔවුන් පාකිස්තාන මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පවත්වා වැරදි කරුවන්ට අධිකරණය හරහා උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි.
මෙම සිදුවීම කිසිසේත් ශ්‍රී ලාංකිකයෙකු, ජාතියක්, ආගමක් ඉලක්ක කරගෙන සිදු කළ කටයුත්තක් නොවන බවත්, එය ආගමික උන්මාදයෙන් කුළුගැන්වුනු අන්තවාදී කල්ලියක ක්‍රියාවක් බවත් මෙහිදී පංජාබ් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා තිබෙනවා.










