ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අරඹමින් ලබන 09 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පළමු රැලිය අනුරාධපුරයේ පැවැත්වීමට නියමිතය.
මීට පෙර අනුරාධපුරයේ ශාලාවක මෙම රැස්වීම පැවැත්වෙනු ඇති බවට ඇතැමුන් මත පළ කර සිටියත් එම රැස්වීම අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.
මෙම රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ආණ්ඩුවේ සියලුම නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.










