• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ප්‍රතිගාමීන්ට එරෙහිව ප්‍රගතිශීලීන්-1956…! දේශද්‍රෝහීන්ට එරෙහිව දේශප්‍රේමීන්-2008…! හොරුන්ට එරෙහි ශුද්ධවන්තයන්-2024..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 3, 2025
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ප්‍රතිගාමීන්ට එරෙහිව ප්‍රගතිශීලීන්-1956…! දේශද්‍රෝහීන්ට එරෙහිව දේශප්‍රේමීන්-2008…! හොරුන්ට එරෙහි ශුද්ධවන්තයන්-2024..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මේ සටන තියෙන්නේ ප්‍රගතිශීලීන් සහ ප්‍රතිගාමීන් අතර. තමුන්නාන්සේලා තීරණය කරන්න ඕනා ප්‍රගතිශීලී මහජන එක්සත් පෙරමුණ දිනවනවද? නැත්නම් ප්‍රතිගාමී යූ.ඇන්.පී.ය දිනවනවද කියන එකයි…’Sri Lanka Latest News

මේ, එස්.ඩබ්.අර්.ඩී. බණ්ඩාරනායක 1956 මහ ඡන්දයේදී ගමක් ගමක් ගානේ කිය කියා ගිය කතාවය.

‘මේ සටන තියෙන්නේ ඇති අය සහ නැති අය අතර. ප්‍රගතිශීලී සහ ප්‍රගතිගාමී කඳවුර අතර ප්‍රගතිගාමී යූ.ඇන්.පී.යද? ප්‍රගතිශීලී ශ්‍රීලනිපයද? තීරණය ඔබ අතේයි….’

මේ, ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය 1960 සහ 1965දීත් 1970දීත් ගමක් ගමක් ගානේ කිය කියා ගිය කතාවය.

1947 සිට 1951 ශ්‍රීලනිපය පිහිටුවන තාක් ලංකාවේ සටන තිබුණේ ධනවාදය සහ සමාජවාදය අතරය.

බණ්ඩාරනායක ශ්‍රීලනිපය පිහිටුවලා ඒ සටන ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමීන් අතර සටනක් බවට පත්කරනු ලැබීය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රීලනිප නායකත්වයට පත් බණ්ඩාරනායක මැතිනියද සටන ලකුණු කළේ මේ කඳවුරු දෙක අතරය.

1994 ශ්‍රීලනිපයේ නොනිල නායකත්වයට පත් චන්ද්‍රිකා මේ සටනේ ඉර වෙනස් කළේ දූෂකයන්ට සහ භීෂකයන්ට එරෙහි සටන ලෙස යූ.ඇන්.පී. විරෝධී ශ්‍රීලනිප ප්‍රමුඛ වාමවාදී සටන බෞතීස්ම කරමිනි. චන්ද්‍රිකා එලෙස සටන වෙනස් කළේ යූ.ඇන්.පී. විවෘත ආර්ථිකය වෙනස් කරන්න බැරි බව දැනගෙනය. ඒත් ඇයට මේ සටන වැඩිකල් ගෙනියන්න ලැබුණේ නැත. හේතුව ශ්‍රීලනිපය සහ වාමවාදී පක්ෂ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට හිතන්න පුරුදු කරගෙන තිබුණේ යූ.ඇන්.පී.ය දකුණට බර ධනවාදී පක්ෂයක් ලෙසත්, ශ්‍රීලනිපය වමට බර මැද මාවතේ යන පක්ෂයක් ලෙසත්ය. ඒ වගේම ශ්‍රීලනිපය නිර්මාණය වී තිබුණේ සිංහල බෞද්ධ බලවේග එකතු වෙලාය. ඇය බලයට පත්වී ටික දිනකින් යූ.ඇන්.පී. විරෝධී සටන දූෂණ භීෂණ විරෝධී සටනක් බවට පත්කොට තවදුරටත් ඡන්ද දිනන්න බැරි බව දැන උතුරේ යුද්ධය කරළියට ගෙන යූ.ඇන්.පී.ය කොටින්ට පක්ෂ පක්ෂයක් ලෙසත්, ශ්‍රීලනිපය කොටි විරෝධී පක්ෂයක් ලෙසත් සටන ලකුණු කොට 1994ට පසු හැම ඡන්දයක්ම දින්නාය. එලෙස සටන ලකුණු කරන ගමන් ඇය දමිළ ජනතාවට දේශපාලන බලය දීම වෙනුවෙන් පෙනීසිටියාය. සිංහල බෞද්ධ බලවේගවලින් නිර්මාණය වුණු ශ්‍රීලනිපයට මේ කෑල්ල ගැළපුණේ නැත. චන්ද්‍රිකාට එරෙහිව මහින්ද මතු වන්නේ මේ ශ්‍රීලනිපයේ සිංහල බෞද්ධ බලවේගවලට නායකත්වය දෙමින්ය.

ඔහු 1956 බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ චන්ද්‍රිකා විසින් පණ නැතිකළ සටනට යළි පණ දුන්නේය. එක් අතකින් ඔහු යූ.ඇන්.පී. විරෝධී ශ්‍රීලනිප සටන ටොයියන්ට එරෙහි බයියන්ගේ සටනක් බවට පත් කළේය. එය ප්‍රතිගාමීන්ට එරෙහි ප්‍රගතිශීලී සටනට නව අර්ථකථනයකි. ඒ වගේම ඔහු රනිල්ගේ සටන් විරාමය කඩා යුද්ධය පටන්ගෙන යූ.ඇන්.පී. විරෝධී ශ්‍රීලනිප සටන භයානක තැනකට ගෙන ආවේය. එනම් දේශද්‍රෝහීන්ට එරෙහි දේශප්‍රේමීන්ගේ සටන කියාය. ඔහු කීවේ මහින්දට පක්ෂ වෙන හැමෝම දේශප්‍රේමීන් බවත්, මහින්දට එරෙහි වන හැමෝම දේශද්‍රෝහීන් කියාය. ඔහු ඔහුට එරෙහි යූ.ඇන්.පී.ය, ජවිපෙ, සිවිල් සංවිධාන, සුළු ජාතික පක්ෂ, මාධ්‍ය සංවිධාන සියල්ල එක ඉරෙන් බෙදා දේශද්‍රෝහීන් කළේය. වෘත්තීය සමිති දේශද්‍රෝහීන් කළේය.

මේ ඉර 1951 බණ්ඩාරනායක ගහපු ඉරට වඩා ශක්තිමත් ජනප්‍රිය ආකර්ෂණීය ඉරක් විය. හාමුදුරුවරු පමණක් නොව යූ.ඇන්.පී.යට සමීප පල්ලියේ කාදිනල් හිමිද ගිහින් මහින්දගේ පිටුපසින් සිට ගත්තේය.

2015 මහින්ද විරෝධී බලවේගය එන්නේ මකන්න බැරි මේ ඉර මකලා හොරු සහ යහපාලන ලෙස අලුත් ඉරක් ඇඳලා අලුත් සටනක් පටන්ගෙනය. දේශප්‍රේමය යටකරගෙන හොරකමට එරෙහි සටන ඔළුව ඉස්සුවේය. මහින්දත් දේශප්‍රේමයත් පරාජයට පත්විය. හැබැයි මහබැංකු වංචාවෙන් හොරකමට එරෙහි සටනේ ඉර මැකී පාස්කු ප්‍රහාරයෙන් යළි දේශප්‍රේමය ඔළුව ඉස්සුවේය. 2015ට කලින් තිබුණේ දමිළ බෙදුම්වාදයට පක්ෂ දේශද්‍රෝහීන් සහ බෙදුම්වාදයට එරෙහි දේශප්‍රේමීන්ගේ සටනය. 2019 බෝම්බයට පසු කරළියට ආවේ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන දේශද්‍රෝහීන්ට එරෙහි මුස්ලිම් අන්තවාදය පරාජය කරන දේශප්‍රේමී සටනය.

ගෝඨාභය ජනාධිපති වන්නේ ඒ සටන හරහාය. ගෝඨාගේ ආණ්ඩුවේ ආර්ථික අර්බුදයත් සමග කරළියට ආ අරගලය යළි මේ සටන වෙනස් කළේය. ඒ, 2015 මහින්ද විරෝධී බලවේග කරළියට ගෙන ආ හොරුන්ට එරෙහි සටනිනි.

මේ හොරුන්ට එරෙහි සටනට නායකත්වය දී 2025 දිනන්න ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයට අවශ්‍යව තිබිණි. හේතුව දූෂණ චෝදනා සහිත කිසිවෙක් එම පක්ෂයේ සිටියේ නැත. එහෙත් මේ පක්ෂයේ කොටසක් අරගලයට හොරු කියා ඉර ගහලා වෙන් කරපු රාජපක්ෂවරු ආරක්ෂා කරන්න ගිය රනිල්ට මුක්කු ගහන්න යෑමත්, රනිල්ගෙන් වරදාන වරප්‍රසාද ගන්න යෑමත්, රනිල් සමග එක්විය යුතු යැයි ප්‍රකාශ කරන්න යෑමත් නිසා අරගලය රාජපක්ෂලාට ගහපු හොරු ලේබලය රාජපක්ෂලාට, රාජපක්ෂලා ආරක්ෂා කරන රනිල්ට සහ රනිල්ට කඩේ යන සමගි ජන බලවේගයටද අලවා රට බංකොලොත් වුණේ 76 වසරක ශාපය නිසා යැයි කියා ජවිපෙ මේ හොරුන්ට එරෙහි සටන සියතට ගත්තේය. සමගි ජන බලවේගය ඊට එරෙහිව කැම්පේන් නොකර නිකන්ම හොරු ගොඩට වැටුණේය. ජවිපෙ හොරුන්ට එරෙහි එකම විකල්පය විය.

2024 මහ මැතිවරණයේදී ජවිපෙ, 2008 මහින්ද ඇන්ද දේශද්‍රෝහීන්ට එරෙහි දේශප්‍රේමී ඉර, හොරු සහ හොරු විරෝධී බලය ලෙස බෞතීස්ම කළේ ශක්තිමත්, ජනප්‍රිය සහ ආකර්ෂණීය ලෙසය. මිනිස්සු ජවිපෙට 159ක්ම මන්ත්‍රීවරු දුන්නේ ජවිපෙ මේ හොරුන්ට දඬුවම් කොට හොරාකාපු සල්ලිවලින් රට ගොඩදමයි කියා හිතාගෙනය. ජවිපෙ කීවේ තෙල්, ගෑස්, සහල් ආදී හැම භාණ්ඩයකම මිල නගින්නේ කොමිස් සහ හොරකම් නිසා කියාය. මිනිස්සු හිතුවේ මේ කොමිස් සහ හොරකම් නැතිවූ විට බඩු මිල පල්ලම් බහී කියාය. හැබැයි ජවිපෙ බලයට ඇවිත් හොරු අල්ලන්නේත් නැත. බඩු මිල අඩු වෙන්නේත් නැත. ඒත් ජවිපෙ හිතන්නේ මේ පුංචි ඡන්දයටත් මේ ඉරම ගහලා විපක්ෂය සුන්නත්ධූලි කරන්නටය.

‘ජවිපෙ ගේම හරියයිද…?’

හොරු අල්ලන්න මාස 6ක් මදි කියා මිනිස්සු හිතුවොත් මේ ගේම ගොඩ යයි. ඒත් මේ ඉර ආරක්ෂා කරගන්න පුළුවන් ඉරක් නොවේ. මේ ඉරට වැඩි ආයුෂ නැත. මාස හයෙන් බැරි වුණත් වසරකින් හෝ මේ ඉර මැකෙන්න තියෙන ඉඩ වැඩිය.

මහින්දගේ දේශප්‍රේමීන්ට එරෙහි දේශද්‍රෝහී ඉර මකන්න විපක්ෂයට පුළුවන් වුණේ දේශප්‍රේමී වී යුද්ධය අවසන් කළාට පසු යුද්ධයට වියදම් කළ සල්ලිවලින් තමන්ට සහන ලැබෙයි කියා මිනිස්සු හිතපු නිසාය. හොරුන්ට එරෙහි වී හොරකම් නවතා ඒ සල්ලිවලින් මිනිස්සුන්ට සහන දෙන්න ජවිපෙට බැරි වුණොත් හොරුන්ගේ ඉර මකන එක විපක්ෂයට මහ ලොකු කජ්ජක් නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලයිට් බිල වැඩිකරනවා! ජනාධිපති කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්ද ප්‍රචාරක වැඩ ඉවර වෙන්න පැය භාගයක් තියා දකුණේ වෙඩි පත්තු වෙයි! එකෙක් මරුට! බයික් එකේ ආපු වෙඩික්කරුවන් පනී! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.