බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී ඇති බවත්,වෛද්‍ය උපදෙස් අනුව කුමරුන් හුදෙකලා වී සිටින බවත් මාධ්‍ය වාර්තා කොට ඇත.
චාල්ස් කුමරු පළමු වරට ‘කොවිඩ් 19’ ආසිදිතයකු ලෙස හඳුනා ගැණුනේ පසුගිය 2020 මාර්තු මාසයේදීය.
එම අවස්ථාවේදී ද කුමරු ස්වයං නිරෝධායනයට ලක්වුණු අතර, රෝහල්ගතවීමකින් තොරව වයිරසය පරාජය කළේය.
කෙසේවෙතත් චාල්ස් කුමාරයා පසුගිය දින කිහිපය තුළ රැජනවද මුණ ගැසී තිබුණු බැවින් රැජනද මේ වනවිට නිරෝධායන කටයුතු ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.










