මේ අවස්ථාවේ රටක් ලෙස අප අභියෝග රැසකට මුහුණ දෙන බවත් මේ අභියෝග සෑම එකක්ම ජයග්‍රහණය කළ යුතු බවත් ඒ අභියෝග මුල් කර ගෙන ඒවා එක් එක් දේශපාලන සටන් පාඨ බවට පත් කර ගැනීම නුසුදුසු බවත් මේ රට මුහුණ දෙන ලොකුම අභියෝගය නිර්මාණය වන්නේ 2028 බවත් එතැන් සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් ණය වාර්ෂිකව ගෙවිය යුතු බවත් ඒ සඳහා ආර්ථික වර්ධන වේගය 5%ක් විය යුතු බවත් මේ අභියෝගය ජය ගන්න නොහැකි වී කඩාවැටුණු දේශයක් නිර්මාණය නොවී ඉදිරියට යන දේශයක් නිර්මාණය කරන්න සියලු දෙනාම එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
වැලිගම අග්‍රබෝධි රජමහා විහාරය, කැලණිය පට්ටිවිල ශ්‍රී ශෛලාරාමය සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය, ඉන්දියාවේ ලක්නව් බෞද්ධ විහාරය ඇතුළු විහාරයන්හි විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නායක මාහිමිපාණන් වෙත මහාවිහාර වාංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහනායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම හේතුකර ගෙන වැලිගම අග්‍රබෝධි රජමහා විහාරයේ පැවැති උත්සවයක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.
අද සමාජය දෙස බලන විට මේ සමාජයේ එක් එක් අයගේ මතිමතාන්තර තුළ වරදක් ඇස් ඉදිරිපිටම ක්‍රියාත්මක වුවත් එය වරදක් ලෙස හොඳින් අවබෝධ කර ගත්තත් විවිධ න්‍යායන් තුළ විවිධ මතිමතාන්තර තුළ එය නරකක් නොව හොඳක් ලෙස පවසන බවත් ඇස් ඉදිරිපිට කොයිතරම් හොඳ දෙයක් දැක්කත් තමන් විශ්වාස කරන විවිධ න්‍යායන් නිසා එය නරකක් ලෙස දකින බවත් හොඳ දේ නරක ලෙසත් නරක දේ හොඳ ලෙස දකින කිසිම අයකුට සරු සභාවයක් නිර්මාණය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන්න සුරක්ෂිතභාවය තහවුරු කරන්නට මිදිගම සෝරත නායක මාහිමිපාණන් වහන්සේ සුවිශේෂී සේවා රැසක් ඉටු කර ඇති බවත් දහම් පාසල් පද්ධතියේ හා විහාරස්ථාන පද්ධතියේ දියුණුව උදෙසා සුවිශාල කාර්යන් රැසක් ඉටු කළ බවත් බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන අරමුදල උපයෝගී කර ගෙන සම්පත් හිඟතාවයෙන් යුත් විහාරස්ථාන පද්ධතියේ අඩුපාඩු දුරලන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සුනාමිය තුළින් අප රටට හානියක් වන විට ජනතාවගේ ජීවිත බේරා ගන්නට අගතියට පත් ජනතාවට සහන සලසන්න රාජ්‍ය නිලධාරීන් සමග එකට අත්වැල් බැඳගෙන මනුෂත්වයේ නාමයෙන් සුවිශාල සේවාවක් ඉටු කරන්නට කටයුතු කර ඇති බවත් ධම්මපදයේ ඇති ආකාරයටම උන්වහන්සේ සුදුසු ගුණයේ පිහිටා කටයුතු කළ බවත් උන්වහන්සේගේ ශාසනික, ආගමික හා සමාජ සේවාව ඉටු කර ගෙන යන විට අභියෝග කරදර රැසකට මුහුණ දුන් නමුත් ඒවා නිවැරදිව කළමනාකරණය කර ගැනීමට උන්වහන්සේට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.




























