වත්මන් පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් මරාදමමින් සිටිනවා යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරනවා.Sri Lanka Latest News
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ පාලකයින් විසින් අධිකරණය බියගන්වමින්, ආයතන පද්ධතිය දුර්වල කරමින්, විවිධ මර්දනකාරී අණ පනත් සම්මත කරගනිමින් තුළ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරමින් සිටින බවයි.
එමෙන්ම නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද බරපතල ගැටලුවක් මතු වී ඇති බව ද ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මෙහිදී සඳහන් කර තිබීම විශේෂත්වයක්.










