ඌව වෙල්ලස්ස ඉඩම් අක්කර 65000 ක් බහුජාතික සමාගම්වලට ලබා දීම තුළ පීඩාවට පත්වන ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් ඌව වෙල්ලස්ස ගොවි ජනතාව අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පෙත්සමක් භාර දීමට නියමිතය.
මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ ගරු අනුශාසක හිමිවරුන් වන මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී දොඩංගොල්ලේ සෝරත නායක හිමියන් ද, රිදීමාලියද්ද සෙනසුංගල රාජමහා විහාරවාසී පූජ්‍ය අලුකැටියාවේ සීලවංශ නායක හිමියන් ද, ඌව වෙල්ලස්ස ජනා අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතාද එම සංවිධානයේ සභාපති නීතිඥ සරත් කුමාර මහතා ද ඇතුළු ප්‍රදේශය ගොවි ජනතාව සහභාගී වේ.










