ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත්කළ බව වරාය සහ නාවික අමාත්‍යංශය නිවේදනය කළේය.
මීට පෙර ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියේ නිහාල් කැප්පෙටිපොළ මහතා ය.










