බරපතළ අර්බුදයකට කඩා වැටී ඇති රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ප්‍රශ්න නොවන බවත්, අවශ්‍යව ඇත්තේ විසඳුම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අන්තනෝමතික අදූරදර්ශි තීන්දු හේතුකොටගෙන අද වන විට රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, විශේෂයෙන්ම ආර්ථික වශයෙන් සිදුව ඇති පරිහානිය බරපතළ බව ද පැවසීය. මේ තත්ත්වයෙන් රට ගොඩනැඟීමට හැකි කණ්ඩායමක් සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකතුමා හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් යන පිරිසගෙන් සමන්විත කණ්ඩායම ඒ උදෙසා තමන් සමග සිටින බවද පැවසීය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සැපයීම් පිලිබදව පවත්නා ගැටලු සම්බන්ධයෙන් පිටකොටුවේ ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අද (02) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවූ අතර ඔවුන් සහ විපක්ෂ නායකතුමා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවිය.










