විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.Sri Lanka Latest News
මීට පෙර විදුලි ගාස්තු සමාලෝචන මාස 06කට වරක් සිදුකෙරිණි.
අදාළ කැබිනට් නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස 03ක් ලෙස සංශෝධනය කර ඇති බවය.
ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සමාලෝචනය මාස 03කට වරක් සිදුකෙරෙනු ඇත.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහාය ඇතිව ජල විදුලි පුරෝකථන ශක්තිමත් කිරීමටත් හැකිවන පරිදි දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.










