ආණ්ඩුව විසින් සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණවත් නොමැති බවත් ඊට හේතුව ආණ්ඩුවේ නොසැලකිල්ල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හම්බන්තොට දිසාවේ අධිකරණ සංඝනායක ,විශ්‍රාමලත් විදුහල්පති ඓතිහාසික මැණික් රාජමහා විහාරාධිපති පූජ්‍යපාද ගෞරවාර්ථ තංගල්ලේ ජිනරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව මාධ්‍ය අමතා මේ බව ප්‍රකාශ කළේය.
මේවන විටත් ප්‍රමාණවත් තරම් PCR පරීක්ෂණ සිදු නොවන බවත්, දිනපතා හමුවන ආසාදිතයින් ප්‍රමාණය වැඩිවී ඇති බවත් ආණ්ඩුවේ නොසැලකිල්ලේ තරම එයින් පෙනෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉකුත් මාර්තු අප්‍රේල් මාසවල දී ආණ්ඩුව විසින් මේ රටේ කොරෝනාව අවසන් බවට පණිවිඩයක් දුන් බවත් එසේ පණිවිඩයක් ලබා දී PCR යන්ත්‍ර මෙරටට ගෙන්වීම නතර කළ බවත් එහි ආනිශංස මේ වන විට රටේ අහිංසක ජනතාවට භුක්ති විඳීමට සිදුවී ඇති බවත් හෙතෙම පැවසීය.
ලෝකයේ බොහෝ රටවල කොරෝනා දෙවෙනි රැල්ල ක්‍රියාත්මක වීමත් සමඟම එම රටවලට අවශ්‍ය PCR යන්ත්‍ර ගෙන්වා ගත් බවත් ඒ හේතුවෙන් ලෝකය පුරා එම යන්ත්‍රවල හිගයක් ඇති වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දිනකට PCR පරීක්ෂණ තිස් හතළිස් දහසක ප්‍රමාණයක් ක්‍රියාත්මක විය යුතු වුවත් අද ක්‍රියාත්මක වන්නේ දොළොස්දාහක් පමණ ප්‍රමාණයක් බවද ඒ මහතා සිහිපත් කළේය.