නව වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ඊයේ පෙරවරුවේ මහවැලි අධිකාරි ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී වැඩ බාර ගන්නා ලදි.Sri Lanka Latest News
පත්වීම බාර ගැනීමෙන් අනතුරුව එම ලිපිය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා වෙත බාර දෙන ලදී .
වැඩ බාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අමාත්‍යාංශයේ ඉදිරි වැඩ පිලිවෙල පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදී .
මෙහිදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට කියාසිටියේ :
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශාල වගකීමක් තමන් වෙත බාර දී ඇති බවයි. ලබන වසර වී නිෂ්පාදනය ප්‍රධාන කර ගත් කෘෂි නිෂ්පාදන කටයුතු පුලුල් කිරීමට වැඩ පිලිවෙලක් සැලසුම් කලයුතු බව අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කලේය
මහවැලි ප්‍රදේශ ඇතුළු සමස්ථ ගොවි ප්‍රජාවට බලපාන ගැටලු වලට විසඳුම් ලබාදීමට කෙටිකාලීන සහ දීර්ඝකාලීන වැඩ පිලිවෙලක් සැකසිය යුතු බව පැවසූ අමාත්‍යවරිය ඒ සඳහා අමාත්‍යාංශයක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසත්, අමාත්‍යවරිය ලෙස මා හට පූර්ණ සහය ලබාදෙන ලෙසත නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කලේය .
මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.