නව විදුලි පනත සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදීම අමාත්‍ය කංචන විජේසේකර මහතා හා විපක්ෂය අතර උණුසුම් විවාදයක් මතුවිය.
එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ විමල් වීරවංශ යන මහත්වරු එක මතයක සිට අදහස් පළකරමින් කියා සිටියේ මෙම කෙටුම්පත කඩිමුඩියේ මේ සතියේ සම්මත නොකොට එය අධ්‍යනය කිරීම සදහා කාලසීමාවක් ලබා දෙන ලෙසය.









