හැකි නම් ලබන පෙබරවාරි 9 වැනි දින පළාත් පාලන ජන්දය නියමිත පරිදි පවත්වන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසිය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවට කෘත්‍රීම තුනෙන් දෙකක බලයක් පවතින නමුත් මහපොළොවේ එවැනි බලයක් නොමැති බවකි.
එමෙන්ම ආණ්ඩුව 2010-2015 කාලසීමාවේ ගත් ණය යොදා සිදු කළ නෙළුම් කුළුණ වැනි පලදායක නොවන වියදම් හේතුවෙන් රට විනාශ මුඛයට ගිය බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් මරික්කාර් මහතා අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂයෙන් දිගටම විරෝධය පළ කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී වාතාවරණයක්ද පාර්ලිමේන්තුවේ දැකගත හැකි විය.










