ගිංතොට පල්ලිය අසල මෝය කට ආශ්‍රිත මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අද (08) පස්වරුවේ දියේ ගිලීමෙන් මියගොස් ඇති බව ගාල්ල පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 සහ 15 යන වයස්වල පසුවන සිසුන් දෙදෙනෙකි.
සිසුන් හතර දෙනකු දිය නෑමට ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දිය නාමින් සිටියදී මෝය කට ආශ්‍රිතව ඇති වළක වැටී ගිලි ඇති බව පොලීසිය පවසයි.
එක් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් සිසුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිසුන් දෙදෙනාගේ මෘත දේහ කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
lankasara










