මෙරටට පැමිණ සිටින පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් ජනරාල් (විශ්‍රාමික) හමූද් උස් සමාන් ඛාන් (Lt Gen (Retired) Hamood uz Zaman Khan) මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.Sri Lanka Latest News
ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී අද (03) පැවැත්වුණු ශ්‍රී ලංකා – පාකිස්ථාන සිව්වන ද්විපාර්ශ්වික ආරක්ෂක සංවාදය සඳහා සහභාගි වීමට ඒ මහතා දිවයිනට පැමිණියේය.
පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමග කෙටි සාකච්ඡාවකට එක් විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනතුරුව පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද හමුවී සාකච්ඡාවක නිරත විය.


ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-03










