මාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ කෘතහස්ත මාධ්‍යවේදියකු ලෙස දර්ශන හදුන්ගොඩ මහතා හැදින්විය හැකි බවත් නිරන්තරයෙන් රටට බලපාන කරුණු ගැන දේශපානඥයන් පවා දැනුවත් කරමින් රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂ සේවාවක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
දර්ශන හදුන්ගොඩ මහතාගේ හදීසි වියෝව සම්බන්ධයෙන් බලවත් කණගාටුවට පත්වන බවත් එසේම ඔවුගේ පවුලේ සැමට සිය ශෝකය සහ සාතිශය සංවේගය පුදකර සිටින බවත් ඔහු ඉටු කළ විශිෂ්ට සේවාව අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ මහතාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණි අවස්ථාවේ දීය.










