සුළි කුණාටුවෙන් විනාශ වූ රට නැවත ගොඩනැගීම සදහා ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් තුන් වතාවක් ඉල්ලා සිටීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
නමුත් විපක්ෂනායකවරයාගේ ඒ ඉල්ලීම සදහා ජනාධිපතිවරයා පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ‘අනේ ප්ලීස් එපා’ යැයි කියාය.
කෙසේවෙතත් පසුව ආණ්ඩුවේ අමාත්‍යවරයකු මාධ්‍ය වෙත කියා තිබුණේ ජනවාරියේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවකි.
එහෙත් මේ වනවිට ආණ්ඩුව එම අදහස අතහැර දමා ඇති බවක් ආරංචි මාර්ග අනාවරණය කරයි.










