වසරේ ගතවූ කාලය තුළ වාහන 133,678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ හාරසිය පනස් එකකි.
අදාළ කාල සීමාව තුළ මෝටර් රථ සංඛ්‍යාව 20535 ක් ලියාපදිංචි කර තිබේ.
මීට අමතරව ත්‍රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995 ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
වාහන ආනයනය සඳහා රජය අවසර දීමත් සමග වාහන ලියාපදිංචිය එලෙස ඉහළ ගොස් ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.










