අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1082ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඒ අනුව 611,185ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙරට කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් ඇති බව යළිත් තහවුරු කරමින් ඊයේ දිනයේ ද කොවිඩ් ආසාදිතයන් 1056 දෙනෙකු හඳුනාගැනුණි.










