ඉන්ධන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.
ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 83/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ
පෙට්ට්‍රල් ඔක්ටේන් 92 – Rs. 420.00
පෙට්ට්‍රල් ඔක්ටේන් 95 – Rs. 450.00
ඔටෝ ඩීසල් – Rs. 400.00
සුපර් ඩීසල් – Rs. 445.00
පසුගිය අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඉන්ධන මිල මෙලෙස නැවත වරක් ඉහළ දමා ඇත.










