ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය අද (01) සහ හෙට (02 ) අසනීප නිවාඩු වාර්තා කිරීම ඇතුළු වෘත්තීය ක්රියාමාර්ගවල නිරත වන බව එම සංගම් සදහන් කරයි.
උසස්වීම් ගැටලුව,හෙද සේවාවේ මාණ්ඩලික සේවා තත්ත්වය අහිමි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සමිති පවසයි.
රාජ්ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්රකාශ කළේ මෙම වෘත්තීය ක්රියාමාර්ගයෙන් පසු රජය නිසි අවධානයක් යොමු නොකළහොත් ජූලි මස 07 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට කටයුතු කරන බවය.










