• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය අමාත්‍යංශයේ විතරක් වාහන 1794කට වෙච්ච දෙයක් නෑ! සමහරු ගෙදර අරන් ගිහිල්ලා! කෝපා කමිටුවේදී වාහන ගැහිල්ලක් ගැන මාර කතා ටිකක් එළියට ඇවිත්! I Sri Lanka Latest News

June 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ඡන්දය ගැන වගේවගක් නෑ! අනුරපුර ඔක්කොම පළාත් පාලන ආයතනවල සභාපතිවරු උපසභාපතිවරු තවමත් ගමන්බිමන් නිලවාහනවල! කිසි කෙනෙක් වාහන බාරදීලා නෑ! ඒ මදිවට ඡන්දෙත් ඉල්ලනවා!
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. Sri Lanka Latest News

අමාත්‍යාංශයේ වාහන 259 බාහිර පාර්ශවයන්ට පවරාදී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බව පැවසූ කෝපා කමිටු සභාපතිවරයා වාහන පරිපාලනය සම්බන්ධයෙන්වන දත්ත පද්ධතියේ අඩුපාඩු පිළිබඳවද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

මේ වාහන අතර මෝටර් රථ 679 ක් සහ යතුරුපැදි 1115 ක් ඇති බවත් එම මෝටර් රථ බොහොමයක් අමාත්‍යාංශය සන්තකයේ නැති බව දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඒවාට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් එහිදී පැවසුවාය.

ඒ අනුව මේ වාහනවලට අදාලව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇතැයිද ඇය වැඩිදුරටත් කීවාය.

මේ වැඩපිළිවෙළ හරහා වාහන 425ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූවත් ඒවා වෙන්දේසි කර අපහරණය කළා දැයි සොයා ගැනීමට අපහසු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පැවසූහ.

යතුරුපැදි 1115න් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ එකොළහක් සම්බන්ධයෙන් පමණක් බව පැවසූ එම නිලධාරීහු මේ යතුරු පැදි බොහොමයක් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිකුත් කෙරුණු ඒවා බවද සඳහන් කළහ.

ක්ෂේත්‍ර නිලධාරීන්ට මේ යතුරු පැදි ලබා දෙන්නේ ගිවිසුම්ගතව බවත් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලිකව ගෙන යෑමට ඒ අනුව අවසර හිමිවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ඒ යතුරු පැදි සම්බන්ධයෙන්ද ඉදිරි කටයුතු කරගෙන යන බව එහිදී සඳහන් විය.

මේ වාහන බොහොමයක් 1950 සිට 1996 දක්වා ලියාපදිංචිවූ වාහන බව කෝපා කමිටුව පවසයි.

වාහන පරිපාලන පද්ධතිය සම්බන්ධයෙන් කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සඳහන් කළේ එම පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන බවයි.

වාහන අස්ථානගතවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මෙම කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

සැකකාරයෝ අල්ලලා නෑ! ගම්මු හඟුරන්කෙත පොලිසිය වටලයි! ගේට්ටුව පෙරළයි! පොලිසියට ගල් ගහයි! බේරගන්න බැරි තැන පොලිසිය වෙඩි 38ක් තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සබ්‍රි පෝට් සිටියට චීනයෙන් ඩොලර් බිලියන 1.2ක් අරන් එයි! තියපු ට්විටර් පණිවුඩය මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.